IAEA – RCA කලාපීය පුහුණු පාඨමාලාව – සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම ජලධර නැවත පිරවීමේ ක්‍රියාමාර්ගවල කාර්යක්ෂමතාව ඇස්තමේන්තු කිරීම

IAEA – RCA කලාපීය පුහුණු පාඨමාලාව – සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම ජලධර නැවත පිරවීමේ ක්‍රියාමාර්ගවල කාර්යක්ෂමතාව ඇස්තමේන්තු කිරීම
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) විසින් “සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම භූගත ජලය නැවත පිරවීමේ ක්‍රියාමාර්ගවල කාර්යක්ෂමතාව ඇස්තමේන්තු කිරීම” යන මැයෙන් යුත් ජාත්‍යන්තර පුහුණු පාඨමාලාවක් 2026 ජූලි මස 20 සිට 24 දක්වා කොළඹ රාමාඩා හෝටලයේදී පවත්වනු ලබයි.
දින පහක් පුරා පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාව සඳහා බංග්ලාදේශය, චීනය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැලේසියාව, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය ඇතුළු ආසියානු රටවල් 11කින් ජාත්‍යන්තර සහභාගිවන්නන් 21 දෙනෙකු සහභාගී වෙති. මීට අමතරව, ජල සම්පත් මණ්ඩලය (WRB) සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) ඇතුළු ප්‍රධාන ජාතික පාර්ශ්වකරුවන් වන ආයතනවල නියෝජිතයෝ ද මෙම වැඩසටහනට සහභාගී වෙති.
මෙම පාඨමාලාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) RAS7043 කලාපීය ව්‍යාපෘතිය යටතේ පවත්වනු ලබයි. ජල හිඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල තිරසාර ජල සම්පත් කළමනාකරණයට දායක වන පරිදි, භූගත ජලය නැවත පිරවීමේ ක්‍රියාවලිය ඇගයීම, නිරීක්ෂණය සහ කළමනාකරණය සඳහා පාරිසරික සමස්ථානික තාක්ෂණික ක්‍රම සහ උසස් ස්කන්ධ සමතුලිතතා ආකෘතිකරණ ක්‍රම භාවිත කිරීම පිළිබඳව මෙම පාඨමාලාවේදී අවධානය යොමු කෙරේ.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස, සහභාගිවන්නන් රාජාංගණයෙහි කළමනාකරණය කරන ලද ජලධර නැවත පිරවීමේ ප්‍රදේශය (Managed Aquifer Recharge Area) වෙත තාක්ෂණික චාරිකාවක නිරත වන අතර, එමගින් භූගත ජල කළමනාකරණය සඳහා විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව සැලසේ.
මෙම ජාත්‍යන්තර පුහුණු වැඩසටහන සහ IAEA සහ ජාතික පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන සහයෝගීතාවය තුළින්, ශ්‍රී ලංකාවේ සහ පුළුල් ආසියානු කලාපයේ ජල හිඟය, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පවතින තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණයේ සාමකාමී සහ ප්‍රායෝගික භාවිතයන් තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය කටයුතු කරමින් සිටී.